සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු (විශ්‍රාමික) ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී හෙළිවූ කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු නීති නිලධාරී ලෙස සේවය කළ කාලයේදී ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශයට බදු පදනම මත ලබාදී තිබූ බව සඳහන් වෙනවා.
එම ගිවිසුමේ කාලය දිගු කිරීම සඳහා අදාළ බදු ගිවිසුම් තුනක් සකස් කිරීමේ ගාස්තු ලෙස රුපියල් 4,134,887/- ක මුදලක් ඉල්ලා තිබූ අතර, එයින් රුපියල් 2,000,000/- ක් ඔහු විසින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉතිරි මුදල ලබාදෙන ලෙසද ඔහු පසුගිය කාලය තුළ ඉල්ලීම් කර තිබෙනවා.
ඒ අනුව, ඉතිරි මුදලෙන් රුපියල් ලක්ෂ 05ක චෙක්පතක් අදාළ සමාගමේ මහජන බැංකු ගිණුමකින් මුදල් කර ලබාගැනීමේදී තුටු පඬුරු ඉල්ලීම හා භාරගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (21) පස්වරු 3.45ට අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
