ඇපල් සමාගමේ ප්රධාන විධායක ධුරයේ වෙනසක්

‘ටිම් කුක්’ ඇපල් සමාගමේ ප්රධාන විධායක තනතුරෙන් ඉවත් වෙනවා කියලා නිලවශයෙන් කියලා තියෙනවා.
2026 සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා ඇපල් සමාගමේ නව ප්රධාන විධායක වෙන්න යන්නේ ‘ජෝන් ටර්නස්’. එයා දැන් ඇපල් එකේ Hardware Engineering (දෘඩාංග ඉංජිනේරු) අංශයේ senior vice president කෙනෙක්.
ඒ අතර, ප්රධාන විධායක තනතුරෙන් ඉවත් වෙන ‘ටිම් කුක්’, සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නෙවෙයි ඇපල් සමාගමේ executive chairman (විධායක සභාපති) ලෙස දිගටම ඉන්නවා කියලත් සමාගම කියලා තියෙනවා.
කෙටියෙන් කියනවනම් ප්රධාන විධායක තනතුර වෙනස් වෙයි, හැබැයි ‘ටිම් කුක්’ තවමත් ඇපල් සමාගමේ ඉහළම තත්ත්වයකින්ම ඉන්නවා.
