ටයිටැනික් ඛේදවාචකයේ දිවි ගලවාගත් අයෙකුගේ ජීවිතාරක්ෂක කබාය රු. කෝටි 28කට අලෙවි වෙයි
වසර 114කට පෙර උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ Titanic නෞකාවේ දිවි ගලවාගත් අයෙකු භාවිතා කළ ජීවිතාරක්ෂක කබායක් වෙන්දේසියකදී ඉතා ඉහළ වටිනාකමකට අලෙවි වී තිබෙනවා.
මෙම කබාය බ්‍රිතාන්‍ය පවුම් 670,000කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 28කට අධික) අලෙවි වී ඇති අතර, මෙය වෙන්දේසියකදී අලෙවි වූ එකම ටයිටැනික් ජීවිතාරක්ෂක කබාය ලෙසද වාර්තා වෙනවා.
මෙය භාවිතා කරලා තියෙන්නේ Laura Mabel Francatelli නම් පළමු පන්තියේ මගියෙක්. ඇය ජීවිතාරක්ෂක බෝට්ටුවකට ගොඩවීමට පෙර මේ කබාය පැළඳ සිට ඇති බව සඳහන්.
සාක්කු 12ක්, උරහිස් ආධාරක සහ පැති පටි සහිත මේ කබාය මත ඇය සහ අනෙකුත් දිවි ගලවාගත් අයගේ අත්සන් ද තිබී ඇත.
මුලින් මේක පවුම් 250,000–350,000 අතර අගයකට අලෙවි
වෙයි කියලා බලාපොරොත්තු වුණත්, අවසානයේ බලාපොරොත්තු ඉක්මවා ඉතා ඉහළ මිලකට වෙන්දේසි වෙලා තියෙනවා.
