ගාමිණී සුගතදාස ඇමරිකාවේදී ශ්‍රී ලංකාව රනින් බබළවයි
Boston Marathon 2026 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සුවිශේෂී ජයක් ලබාගෙන තියෙනවා.
වයස 55–59 කාණ්ඩයෙන් දුවපු ඔහු, ඒ කාණ්ඩයේ පළවෙනි ස්ථානය ගන්නත් සමත් වෙලා රන් පදක්කමක් ලංකාවට ගෙනාවා.
ඔහු දුවපු කාලය පැය 2යි විනාඩි 36යි තත්පර 32යි. ඒක ඒ වයස් කාණ්ඩයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලබාගත් ඉක්මන්ම කාලයක් විදියටත් වාර්තා වෙලා තියෙනවා.
අවුරුදු 130කට වඩා පැරණි ලෝකයේ ප්‍රධාන මැරතන් එකක් වන
මේ තරගය ඇමරිකාවේ Boston නගරයේ අප්‍රේල් 20 වෙනිදා පැවැත්වුණා.
