ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබෙනවා. මෙවර තේමාව “Our Power – Our Planet” කියන එකයි.  “අපේ බලයෙන් අපේ පෘථිවිය රැකගමු” කියන අදහස ඒහි තේරුමයි.

මෙම දිනය මුලින්ම 1970 අප්‍රේල් 22 වෙනිදා ඇමරිකාවේදී ආරම්භ වුණේ පරිසරවේදියෙකු වන ගේලෝඩ් නෙල්සන්ගේ උත්සාහයෙන්. ඒක පස්සේ ලෝකය පුරා පැතිරලා, අද වෙද්දී රටවල් 193කට අධික ප්‍රමාණයක බිලියන 1කට වැඩි ජනතාවක් මේ දිනය සමරනු ලබනවා.

2009දී එක්සත් ජාතීන් මේ දිනය නිල වශයෙන් පිළිගත්තේ, “පෘථිවිය කියන්නේ සියලු ජීවීන්ට ජීවත්වීමට අවශ්‍ය පද්ධතියක්” කියන අදහසට අවධානය යොමු කරන්නයි.

මෙය ආරම්භ වෙන්න හේතුවක් වුණේ, විශේෂයෙන්ම කාර්මිකරණය නිසා ඇතිවුණ වායු හා ජල දූෂණය. ඒවා මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් වෙලා තිබුණා.

2026 වෙද්දී අපි මුහුණ දෙන ප්‍රධාන පාරිසරික ගැටළු මේවායි.

  • දේශගුණික විපර්යාස
  • ජෛව විවිධත්වය අඩුවීම
  • පරිසර පද්ධති විනාශ වීම
  • කාර්මික අපද්‍රව්‍ය වැඩිවීම
  • වනාන්තර නාශය

ඇත්තම කිව්වොත් – පෘථිවියට දැන් බරපතළ පීඩනයක් තියෙනවා. ඒක නිසාම, මේ දවස අපිට මතක් කරන්නේ “පරිසරය රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්” කියන එකයි.

Share This