හැටන් නගරයේ ATM කඩන්න හැදූ පුද්ගලයා අල්ලන්න පොලිසිය මහජන සහය පතයි – දුරකථන අංකය 0761670258

හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍ර දෙකක් කඩා මුදල් සොරා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
ඊයේ (04) අලුයම මෙම බැංකු ශාඛාවට පැමිණි සැකකරු ATM යන්ත්‍ර දෙක ගලවා මුදල් සොරකම් කිරීමට උත්සාහ කර ඇති අතර, එය අසාර්ථක වීමෙන් පසු පලා ගොස් ඇත.
බැංකු පාලනාධිකාරිය විසින් සැකකරු ATM යන්ත්‍ර ගැලවීමට උත්සාහ කරන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන සහ ඡායාරූප පොලිසියට ලබා දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දෙන ලෙස එම අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඉල්ලා සිටී.
