රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට

ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක පිරිමි හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ, පසුගියදා කෙන්‍යාවේ පැවැති කිප් කීනෝ ක්ලැසික් තරගාවලියේදී ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතාත් සමගයි.
මෙම නව ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් තරංග ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයටත් පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය සුපිරි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක නීරාජ් චොප්‍රා පමණයි.
රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

Share This