මාරාන්තික වෛරසය කෲස් නෞකාව පුරා පැතිරෙයි
අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ කෲස් නෞකාවක වෛරස් රෝගයක් පැතිර යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් බලා ගමන් කරමින් තිබූ “එම්වී හොන්ඩියස්” නෞකාවේ හැන්ටා වෛරසය පැතිර ගොස් ඇති බවයි.
පළමුව රෝගාතුර වී ඇත්තේ 70 හැවිරිදි පිරිමි මගියෙකු වන අතර, නෞකාව ශාන්ත හෙලේනා දූපතට ළඟා වූ අවස්ථාවේදී ඔහු මියගොස් ඇති බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරනවා.
ඉන් අනතුරුව තවත් පුද්ගලයින් දෙදෙනෙකුත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවද රෝග ලක්ෂණ පෙන්නුම් කරන තවත් දෙදෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
හැන්ටා වෛරසය මීයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන අතර, මීයන්ගේ මළපහ සමග වාතයට එක්වන අංශු ආශ්වාස කිරීමෙන් එය මිනිසුන්ට පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

