අමෙරිකාවේ ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පැවැති සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තරුණයින් විශාල පිරිසක් එක්රැස්ව සිටි ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් සඳහන් වෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඒ වගේම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This