නිපුනි වාසනාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්න මල්ලවපොර ක්‍රීඩිකා නිපුණි වාසනා සමත් වෙලා තියෙනවා.
කාන්තා කිලෝග්‍රෑම් 50 බර පන්තියේ අවසන් තරගයට එක්වූ ඇය, වියට්නාමයේ ඩොන් ති කිම් ඕ
න්හ් ක්‍රීඩිකාව ලකුණු 3ට 1ක් ලෙස පරාජය කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා.
