AI නළු නිළියන්ට Oscar සම්මාන නැහැ
ඔස්කාර් සමාගම සිය ඔස්කාර් සම්මාන සඳහා නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, එකම නළුවෙකුට එකම කාණ්ඩයක නාමයෝජනා කිහිපයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, AI මඟින් නිර්මාණය කරන ලද රංගන සහ පිටපත් සඳහා සම්මාන ලබාදීම තහනම් කර තිබෙනවා.
නව නීති අනුව, සැබෑ නළු නිළියන් තම කැමැත්තෙන් ඉදිරිපත් කරන ලද රංගන පමණක් සලකා බලන අතර, චිත්‍රපට පිටපත්ද මිනිසුන් විසින් ලියන ලද ඒවා විය යුතුයි.
2025 වසරේ මියගිය ජනප්‍රිය නළු වැල් කිල්මර්ගේ රංගන AI තාක්ෂණය මඟින් සම්පූර්ණ කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ සමඟම, චිත්‍රපට නිෂ්පාදනයේදී AI භාවිතා
AI නළු නිළියන්ට Oscar සම්මාන නැහැ කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර ඉල්ලා සිටීමේ බලයද දැන් ඇකඩමියට හිමි වී තිබෙනවා.
