දිට්වා සුළි කුණාටුවෙන් හානි වුණු රුවන්වැල්ල ඇරෑපොලමුල්ල ප්‍රාථමික විද්‍යාලයට රාජ්‍ය දැව සංස්ථාවෙන් ඩෙස් පුටු පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වෙලා තිබුණු රුවන්වැල්ල ඇරෑපොලමුල්ල ප්‍රාථමික විද්‍යාලයට රාජ්‍ය දැව සංස්ථාවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අද (28) පෙරවරුවේ පැවැත්වුණා.
මෙම වැඩසටහන පැවැත්වුණේ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල ක්‍රීඩා පිටියේදීයි.
පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය දැව සංස්ථාව විසින් මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණා. එහිදී ළමයින්ගේ භාවිතය සඳහා කල් පවතින ළමා පුටු 100ක් සහ ළමා මේස 50ක් විද්‍යාලයට ලබාදී තිබෙනවා.
මෙම අවස්ථාවට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති නිශාන්ත පටබැඳි මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා, විදුහල්පති විමල් ඒකනායක මහතා සහ දෙමාපියන් පිරිසක්ද එක්ව තිබුණා.
දිට්වා සුළි කුණාටුවෙන් මෙම විද්‍යාලයට දැඩි හානි සිදුව තිබූ අතර, මේ පරිත්‍යාගයත් සමඟ පාසලේ තිබුණු වැදගත් අඩුපාඩුවක් පියවෙයි කියලා විශ්වාස කරනවා.
ඒ වගේම පසුගිය වසරේදී ලාභ ලබපු ආයතනයක් බවට පත්වූ රාජ්‍ය දැව සංස්ථාවේ පුරප්පාඩු 99කට පත්වීම් ලබාදීමත් පසු
ගිය 21 වැනිදා පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරලා තිබුණා.
