බංග්ලාදේශය න්‍යෂ්ටික බලශක්ති යුගයට පිවිසෙයි
බංග්ලාදේශයේ පළමු න්‍යෂ්ටික බලාගාරයට යුරේනියම් ඉන්ධන දහනය කිරීම ඊයේ (28) ආරම්භ කරලා තියෙනවා. මේක කරන්නේ රටේ විදුලි ජාලයට තියෙන පීඩනය අඩු කරන්න.
මෙම බලාගාරයෙන් මෙගාවොට්

2,400ක් පමණ විදුලිය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණාම මිලියන 170ක් වගේ ජනතාවක් ඉන්න බංග්ලාදේශයේ විදුලි අවශ්‍යතාවෙන් 10%ක් පමණ සපුරාලන්න පුළුවන් කියලා රජය කියනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 11ක් වියදම් කරලා 2017දී ආරම්භ කරපු රූප්පූර් න්‍යෂ්ටික බලාගාරයේ වැඩ මේ වෙද්දි ඉදිරියට යනවා. 2027 අගභාගය වෙද්දී සම්පූර්ණයෙන් වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒත් මේ වසරේ අගෝස්තු වෙද්දීම මූලික වශයෙන් මෙගාවොට් 300ක් පමණ විදුලිය ජාලයට දාන්නත් සැලසුම් කරලා තියෙනවා.
ගිම්හාන කාලේදී වායු සමීකරණ භාවිතය වැඩි වෙන නිසා බංග්ලාදේශයේ විදුලි ඉල්ලුම ඉතා වැඩි වෙනවා. ඒ නිසා ජාලයට සෑම වසරකම පීඩනයක් එනවා.
ඊට අමතරව මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවුණු බලශක්ති අර්බුදයත් තත්ත්වය තවත් දුෂ්කර කරලා තියෙනවා. බංග්ලාදේශය තෙල් සහ ගෑස්වලින් 95%ක්ම ආනයනය කරන අතර, ඒවාගෙන් වැඩි කොටස මැදපෙරදිගින් ගන්නවා.
ඒ නිසා මේ න්‍යෂ්ටික බලාගාරය රටේ විදුලි අර්බුදයට වැදගත් විසඳුමක් වෙයි කියලා බලධාරීන් බලාපොරොත්තු වෙනවා.
