මාලිමාවෙන් මැයි රැළි 21 ක් ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෙවර මැයි දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය රට පුරා මැයි රැළි 21ක් පැවැත්වීමට යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියනවා.

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් වැඩසටහන් ගැන ජනතාවට දැනුම් දෙන්න අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙලා එතුමා මේ බව ප්‍රකාශ කරලා තියෙනවා.

එහිදී ඔහු කියලා තියෙන්නේ මෙවර මැයි දිනය වෙනුවෙන් රටේ විවිධ ප්‍රදේශවල මැයි රැළි 21ක් සංවිධානය කරලා ජනතාව එක් කරගෙන සැමරුම් වැඩසටහන් පවත්වන්න බලාපොරොත්තු වෙනවා කියලා.

Share This