ඉරාන Supreme Leader බලය! විසිරී ගොස් ඇති බවට තොරතුරු? බහුතර බලය IRGC අතට

ඇමරිකාව සහ ඉස්රායල් සමඟ යුද්ධය පටන්ගෙන මාස දෙකක් ගතවෙද්දී, ඉරානයේ ඉහළම බලය දැන් කලින් වගේ එකම ආගමික නායකයෙකුගේ අතේ නැහැ කියලා කියනවා. මේක ඉතිහාසයේ තිබුණු ආකාරයට ලොකු වෙනසක්.
1979 ඉඳලා ඉරානයේ බලය තිබුණේ “Supreme Leader” කියන එක් අයෙකුට—රටේ වැදගත්ම තීරණ ඔක්කොම ගන්න පුළුවන් කෙනාට. හැබැයි මේ යුද්ධය පටන් ගත් පළවෙනි දවසේම Ayatollah Ali Khamenei මිය ගිහින් තියෙනවා කියලා සඳහන්.
ඊට පස්සේ ඔහුගේ පුතා Mojtaba Khamenei බලයට ආසන්නව ඉන්නවා කියලාත් කියනවා. ඒත් දැන් රටේ පාලනය වැඩියෙන්ම ඉන්නේ ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව (IRGC) කියන හමුදා බලකාය අතට ගිහින් තියෙනවා.
ඒ නිසා දැන් ඉරානයේ තීරණ ගන්න එකට පැහැදිලි එකම නායකයෙක් නැතිව, හමුදා නායකයන් ගොඩක් බලවත් වෙලා ඉන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
ඒ වගේම මේ තත්ත්වය නිසා, ඇමරිකාවත් එක්ක නැවත සාකච්ඡා කරන එක ගැනත් ඉරානයේ ස්ථාවරය තවත් දැඩි වෙලා තියෙන්න පුළුවන් කියලා කියනවා.
