යුක්රේනයට ගහන්න රුසියාව එක්ක ගිය උතුරු කොරියානු සෙබළු 6000කට දිවි අහිමිවෙලා
උතුරු කොරියානු නායක Kim Jong Un කියලා තියෙන්නේ, රුසියාව වෙනුවෙන් යුක්රේනයට එරෙහිව සටන් කරද්දී තමන්ම ග්‍රෙනේඩ් පුපුරවාගෙන මරණයට පත් වූ උතුරු කොරියානු සෙබළු “වීරයන්” කියලා.
ඔහු මේ සතියේ කරපු කතාවකදී කියලා තියෙන්නේ, “රටේ ගෞරවය ආරක්ෂා කරන්න” කියලා හිතලා හෙසි නොවී තමන්ම පුපුරවාගෙන මැරෙන තීරණය ගත් සෙබළුන් ඉතා උසස් වීරයන් කියලා.
දකුණු කොරියාව කියනවා, උතුරු කොරියාවෙන් සෙබළුන් 15,000කට වැඩි ප්‍රමාණයක් රුසියාවට යවා තියෙනවා කියලා. ඒ අතරින් 6,000කට වැඩි පිරිසක් මේ වෙනකොට මියගිහින් තියෙනවා කියලාත් කියනවා. හැබැයි මේ ගණන් දෙකම උතුරු කොරියාවත්, රුසියාවත් නිල වශයෙන් තහවුරු කරලා නැහැ.
බුද්ධි අංශවලටත්, පලාගිය අයටත් අනුව, උතුරු කොරියානු හමුදාවට කියලා තියෙන්නේ අත්අඩංගුවට පත් වෙනවාට වඩා තමන්ම ජීවිතය අවසන් කරගන්න කියලා.
කින්ග් ජොන් උන් කියනවා, කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, සම්පූර්ණ කැපවීමෙන් ජීවිතය පූජා කරන එක තමයි ඔවුන්ගේ හමුදාවේ ඉහළම විශ්වාසය කියලා. ඔහු මේ කතාව කියලා තියෙන්නේ පියොංයැන්ග් නගරයේ මියගිය සෙබළුන් වෙනුවෙන් ඉදි කළ ස්මාරකයක් විවෘත කරන අවස්ථාවේදී.
එම අවස්ථාවට රුසියාවේ ආරක්ෂක ඇමති Andrey Belousov සහ පාර්ලිමේන්තු කථානායක Vyacheslav Volodin වගේ අයත් සහභාගී වෙලා තියෙනවා.
උතුරු කොරියාවේ සෙබළුන්ට කියලා දෙනවා, සටනේදී අත්අඩංගුවට පත්වීම ද්‍රෝහී ක්‍රියාවක් කියලා.
මේ අතර, දකුණු කොරියාවේ MBC නාලිකාව මීට කලින් වැඩසටහනකදී උක්රේනයේ අත්අඩංගුවට ගත් උතුරු කොරියානු සෙබළු දෙන්නෙක් පෙන්වලා තිබුණා. ඒකෙන් එක්කෙනෙක් කියලා තිබුණා, “මමත් මගේ ජීවිතය අවසන් කරගන්න තිබුණා, ඒක නොකළ එක ගැන මට කණගාටුයි” කියලා.
දකුණු කොරියානු බුද්ධි අංශ කියනවා, මියගිය උතුරු කොරියානු සෙබළුන් අසලින් හමු වූ සටහන්වලින් මේ වගේ ක්‍රියා පිළිවෙතක් තියෙන බවට සාක්ෂි ලැබිලා තියෙනවා කියලා.
කින්ග් ජොන් උන් තවත් කියලා තියෙන්නේ, සටනේදී මියගිය හැමෝම—ආයුධ හමුවේ ඉදිරියට ගිය අයත්, තමන්ට දීලා තිබුණු කාර්යය කරන්න බැරිවීම ගැන වේදනාවෙන් ඉන්න අයත්—පක්ෂයට විශ්වාසවන්ත වීරයන් සහ රටට ආදරය කරන පුරවැසියන් කියලා.
2024 ජූනි මාසයේදී රුසියානු ජනාධිපති Vladimir Putin සහ Kim Jong Un එකට ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. ඒක අනුව රටකට ප්‍රහාරයක් එල්ල වුණොත් එකිනෙකාට උදව් කරනවා කියලා. එදා Kim ඒ ගිවිසුම “ඉතිහාසයේ ශක්තිමත්ම එකක්” කියලා කියලා තිබුණා.
එකතු වෙලා සටන් කරන එකට අමතරව, උතුරු කොරියාව Kursk ප්‍රදේශය නැවත ගොඩනගන්නත් කම්කරුවන් දහස් ගණනක් යවන්න පොරොන්දු වෙලා තියෙනවා.
