ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේ තුන්රිය අනතුරින් දෙදෙනෙකුට බරපතලයි

හබරාදුව ප්‍රාදේශීය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේ අද සවස ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පියා සහ පුතා දෙදෙනාම බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

පොලිසියට අනුව, ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දෙදෙනා, ළමයා හබරාදුව පෙරපාසලෙන් රැගෙන ආ ගමනේදී මෙම අනතුර සිදුවී ඇත. ගාල්ල සිට මාතර දෙසට ධාවනය වූ මන්දගාමි දුම්රියක ත්‍රිරෝද රථය ගැටී ඇති බවද සඳහන් වේ.

අනතුරින් ත්‍රිරෝද රථය ගැටෙන අවස්ථාවේ ළමයා පිටතට විසිවී ඇති අතර, ඔහු දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර ඇති බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

Share This