චීනයේ බීජිංහි ඩ්‍රෝන අලෙවිය තහනම්
ආරක්ෂක හේතු කියලා චීනයේ බීජිං නගරයේ ඩ්‍රෝන විකිණීම තහනම් කරන්න තීරණය කරලා තියෙනවා.
ඒකට අමතරව, ඩ්‍රෝන සම්බන්ධ නීතිත් දැන් ගොඩක් දැඩි කරලා තියෙනවා කියලායි කියන්නේ. මහජන ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් තමයි මේ වැඩේ කරන්නේ.
ඇත්තටම චීනයේ නගර කිහිපයක ඩ්‍රෝන භාවිත වෙන්නේ ආහාර බෙදාහැරීමට, කෘෂිකර්මාන්තයට වගේම ගොඩනැගිලි පිරිසිදු කරන්නත්.
හැබැයි හෙට ඉඳන් බලපාන විදිහට නව නීති හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව බීජිං නගරයේ ඩ්‍රෝන සහ ඒවගේ කොටස් විකිණීම, කුලියට දීම හෝ ඇතුළත් කරගන්න එක තහනම් වෙනවා.
ඒව පියාසර කරන්නත් බලපත්‍රයක් ගන්න ඕනෙ වෙනවා. ඒකට අමතරව, ඩ්‍රෝන තියෙන අය තමන්ගේ උපාංග පොලිසියට ලියාපදිංචි කරන්නත් ඕනෙ කියලා නව නීතිවල සඳහන් වෙනවා.
