ඉන්දියාවේ ඩිජිටල් මූල්‍ය වංචා හේතුවෙන් ඩොලර් බිලියන 25ක විශාල අලාභයක්
2025 වසර ඇතුළත ඉන්දියාව තුළ ඩිජිටල් මූල්‍ය වංචා නිසා ඇමරිකානු ඩොලර් බිලියන 25ක් වගේ දැවැන්ත මුදලක් අහිමි වෙලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේක 2021 එක්ක බැලුවොත් 4300% ක් වගේ විශාල වැඩිවීමක්. ඒ වගේම මිලියන 2.5ක් පමණ ජනතාව මේ වංචාවලට අහුවෙලා තියෙනවා.
මේ තත්ත්වය නිසා ඉන්දියානු මහ බැංකුව (RBI) නව නීති රීති ගෙන එන්නත් සූදානම් වෙලා තියෙනවා.
වංචාකරුවන් වැඩිපුරම කරන්නේ රජයේ නිල වෙබ් අඩවි වගේ පෙනෙන ව්‍යාජ ලින්ක් (phishing links) SMS හරහා යවලා මිනිස්සුන්ව රැවටීම. උදාහරණයක් විදියට, “රථවාහන දඩ ගෙවන්න” කියලා ලින්ක් එකක් එවලා ඒකෙන් ගිණුම් තොරතුරු ගන්නවා. පස්සේ ඒ හරහා බැංකු ගිණුම්වල මුදල් සොරකම් කරනවා.
මේවා බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ බය, හදිසිය, කලබලය වගේ හැඟීම් උපයෝගී කරගෙන කරන “social engineering” කියන ක්‍රමයෙන් සිදු වෙනවා.
ඒ නිසා නීති දාපු පමණින්ම මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ කියලා විශේෂඥයෝ කියනවා. ඩිජිටල් ගනුදෙනු වැඩි වෙමින් යන නිසා, ඒත් එක්කම ජනතාවගේ දැනුවත්භාවයත් ඉහළ යන්න ඕන කියලා ඔවුන් අවධාරණය කරනවා.

