White House උත්සවයේ වෙඩික්කරුගේ ගිනි අවිය පිළිබද අධිකරණයේදී පරස්පර කතා?

ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයට ඉදිරිපත් කළ නව ලේඛනයක් අනුව, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුල් වාර්තා වල සඳහන් කළ ආකාරයට වඩා වෙනස් කරුණු කිහිපයක් මතුවී ඇති බව සඳහන් වේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ White House Correspondents’ Association dinner උත්සවය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදීය. එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් රජයේ නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක්ද සහභාගී වී සිට ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ පෙර නඩු-බන්ධන ඉල්ලීමක සඳහන් වන්නේ, සැකකරු ලෙස හඳුනාගත් 31 හැවිරිදි කෝල් ටොමස් ඇලන්, උත්සව ශාලාව වෙත යන පඩිපෙළ දෙසට shotgun එකකින් වෙඩි තැබූ බවය. එම අවස්ථාවේදී ජනාධිපති ඇතුළු පිරිස සිටින්නේද ඒ අසලම බවද එම ලේඛනයේ සඳහන් වේ.
ඒ අනුව මුල් වාර්තා වලදී Secret Service නිලධාරියෙකුට වෙඩි වැදුණු බවට සඳහන් කර තිබුණත්, නව අධිකරණ ලේඛනයෙන් එම තොරතුරු පිළිබඳව ප්‍රශ්න මතුවන බව පෙනේ. එය සිදුවූ ආකාරය, සැබෑ ඉලක්කය කවුරුන්ද යන්න සහ ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳවද දැඩි අවධානයක් යොමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, අධිකරණය මගින් ඉදිරියේදී තවත් තොරතුරු අනාවරණය විය හැකි බවද වාර්තා වේ.
