මහජන හදිසි අවස්ථා තත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරලා තිබුණු මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

ඒකට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින් ඊයේ නිකුත් කරලා තිබුණා.

දිට්වා සුළි කුණාටුවත් එක්ක ඇතිවුණු ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජන ආරක්ෂාව සහ රටේ සාමාන්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ වගේම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන සහ සමූපකාර සමිති මඟින් සපයන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් නිවේදනයත් තවත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයුම, ඉන්ධන හා ගෑස් බෙදාහැරීම, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහන සේවා ඇතුළු සේවාවන් රැසක් අඛණ්ඩව අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක වෙයි.

Share This