පාස්කු ප්‍රහාර විමර්ශන වත්මන් රජය යටතේ ධනාත්මක ප්‍රගතියක – කාදිනල් හිමි
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 7ක් සපිරුණා.
ප්‍රහාරයෙන් මියගිය 273 දෙනා සිහි කරමින් අද උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රැකුණා.
ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී සීනු නාද කිරීම, ඉටිපහන් දැල්වීම සහ විශේෂ යාඥාද සිදුකෙරුණා.
අගරද
ගුරු හිමිපාණන් එහිදී කියලා තියෙන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වත්මන් රජය යටතේ සාධනීය ලෙස සිදුවෙමින් පවතින බවයි.
මඩකලපුව සියොන් දේවස්ථානයේ සහ කටුවාපිටිය දේවස්ථානයේද විශේෂ යාඥා හා සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.
රට පුරා සියලු දේවස්ථානවලද වින්දිතයින් සිහි කරමින් යාඥා සහ ආගමික කටයුතු සිදුකෙරුණා.
