මාතර ලවණ බාධකයට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවීම වේගවත් කෙරේ
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව 2019දී ඉදි කළ කරදිය බාධකය නිසා වී වගාවට වසර ගණනාවක් තිස්සේ හානි සිදු වූ බව ගොවීන් පවසනවා. දික්වැල්ල, කඹුරුපිටිය, කැකුණදුර, මඩිහ ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම් මෙයට බලපෑමට ලක්වෙලා තියෙනවා.
ගොවීන් මේ ගැන දිගින් දිගටම දැනුම් දුන්නත්, පෙර රජයන් ඒකට අවධානය නොදුන් නිසා ගැටලුව වැඩි වුණා කියලා සඳහන්.
ඒත් වර්තමාන රජය 2026 අයවැයෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කරලා, 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න 7කට ගොවීන්ට වන්දි ගෙවීමට තීරණය කරලා තියෙනවා.
අදාළ ගොවීන්ගේ හානි වාර්තා අනුව, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මේ වන්දි ගෙවීම සිදු කරන්න නියමිතයි.
