ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ශ‍්‍රී ලංකාවට

ඉන්දිය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා 19–20 දින දෙක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙන්න නියමිතයි.

මෙම සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මහත්මිය එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනවා.

ශ්‍රී ලංකා–ඉන්දියා සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මේ සංචාරය තුළ නව අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමටත් සූදානම් බව තමයි වාර්තා වෙන්නේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් වෙච්ච ප්‍රදේශවල පුනරුත්ථාපන වැඩසටහන් සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිත් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වෙයි.

ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වෙන්න නියමිත බව තමයි වැඩිදුරටත් සදහන් වෙන්නේ.

Share This