නමගිය අපරාධකාරයකු වූ “හොර දොස්තර” පොළොන්නරුවේදී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ වෛද්‍යවරයකු පොළොන්නරුව දීපඋයන අසලදී කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පන්නල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි මෙම පුද්ගලයා මීට පෙරත් බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය වැනි පොලිස් ස්ථාන හරහා විවිධ අපරාධවලට හසුවුණු අයෙක් බවයි වාර්තා වෙන්නේ. පොලිසිය කළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ මොහු කලින් වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවයි. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මොහු සිදුකර ඇති වංචා සහ අපරාධ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය දැන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනවා.

Share This