දැරියක් අපයෝජනයට ලග්ගල ටියුෂන් ගුරා අල්ලයි වරින් වර දරුවන් නකල්ස් ප්රදේශයට රැගෙන ගිහිං? ලග්ගල පොලිසියෙන් දිගටම පරීක්ෂණ

පාසල් දැරියක් අපයෝජනයට ලක් කළා කියලා සැකයක් මත ලග්ගල ප්රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් අද (29) අත්අඩංගුවට ගත්තා කියලා පොලිසිය කියනවා. ඒ සමඟ ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයත් අත්අඩංගුවට ගෙන තියෙනවා.
ලග්ගල පොලිසිය කියන්නේ, මේ ගුරුවරයා මාතලේ නකල්ස් ප්රදේශයට දැරියන් රැගෙන ගිහින්, ඔහුගේ වාහනය ඇතුළේදී අපයෝජනය කළා කියලා සැක කරන තොරතුරු ගොඩක් ලැබිලා තියෙනවා කියලා.
තවද, මීට දින කිහිපයකට කලින් මේ ගුරුවරයාට දැරියකගේ පියෙක් පහර දුන්නා කියලාත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඊට පස්සේ දැරියගෙන් ප්රශ්න කරද්දී මේ සිදුවීම් ගැන බොහෝ දේ හෙළිවෙලා තියෙනවා කියලා පොලිසිය කියනවා. ඒ වගේම ලග්ගල, බකමූණ, නාවුල වගේ ප්රදේශවල ප්රසිද්ධ මේ ගුරුවරයා, උපකාරක පන්තියට එන සිසු සිසුවියන් අතර සම්බන්ධතා ඇති කරගැනීමටත්, සමහර අවස්ථාවල දැරියන් අපයෝජනයට ලක් කරලා තියෙනවා කියලාත් පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා.
