රාජ්‍ය සේවකයින්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් “SkillUpGov” නිල YouTube නාලිකාව ඊයේ (21) පෙරවරුවේ නිල වශයෙන් ජනගත කෙරුණා.
නාරාහේන්පිට පිහිටි “නිලමැදුර” ශ්‍රවණාගාරයේදී පැවැති රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව, අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භය සිදු වුණා.
දැනුමෙන් පිරිපුන් විශිෂ්ට රාජ්‍ය සේවයක් උදෙසා නවීන රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තාක්ෂණික පියවරක් ලෙස අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කිරීම, නවීන ලෝකයට ගැළපෙන පරිදි කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම හා තාක්ෂණය උපයෝගී කරගනිමින් පුහුණු අවශ්‍යතා කාර්යක්ෂමව සපුරාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනා ගැනෙනවා.
මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පසුගිය මාසයේ ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
මහජන සේවාවන් වඩාත් විනිවිදභාවයකින් සහ කඩිනමින් ඉටුකිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
