චූන් පාන් රථයේ ගැටී දැරියක් මිය යයි

මන්නාරම තාල්වුපාඩු – තාරාපුරම් මාර්ගයේ, තුර්කිසිටි ගම්මානයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ බේකරි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක මෙම කුඩා දැරිය ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය මියගොස් ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 01 යි මාස 06 ක් වයසැති දැරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

Share This