නිවසක් ඉලක්කර කර මිදිගම වෙඩි තැබීමක්

දකුණු පළාතේ වැලිගම ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් වාර්තා වී තිබේ.

පොලීසිය අනුව, රාත්‍රී 11.40ට පමණ මිදිගම යාහුවත්ත, ගංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය සිදුකර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, එම නිවසේ නවතා තිබූ මෝටර් රථයකට ගිනි තැබීමටද උත්සාහ කර ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ අතර, නිවසට හා දේපළවලට පමණක් හානි සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

මේ අතර, මෙම ප්‍රහාරය මිදිගම ප්‍රදේශයේ “ලංසි” නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් සංවිධානය කර තිබිය හැකි බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

Share This