හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

අමෙරිකාවත් ඊශ්‍රායලයත් සටන් විරාමය කඩ කළ නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්න බැහැ කියලා ඉරානය කියලා තියෙනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා කියන්නේ, අමෙරිකාව ඉරාන වරාය අවහිර කරන එක ලෝක ආර්ථිකයම ප්‍රාණ ඇපයට ගන්නවා වගේ වැඩක් කියලා.

එකපාරටම තවත් පැත්තකින්, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් කියලා තියෙන්නේ ඉරානය තවමත් සාම සාකච්ඡා වලට open කියලා. හැබැයි ඒකට බාධාව වෙන්නේ කැපවීම් කඩ කරන එක, අවහිර කිරීම, තර්ජන වගේ දේවල් කියලයි ඔහු කියන්නේ.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන්නේ ඉදිරි පැය 36–72 අතරේ ඉරානය එක්ක අලුත් සාම සාකච්ඡා වටයක් පටන් ගන්න chance එකක් තියෙනවා කියලා.

ඒ වගේම, ඉරානය එක්ක තියෙන සටන් විරාමය දිගු කරන්නත් ඔහු තීරණය කරලා තියෙනවා — ඒක රාජ්‍ය තාන්ත්‍රික උත්සාහ වලට අවස්ථාවක් දෙන්න කියලා.

‘නිව් යෝර්ක් පෝස්ට්’ කියන පුවත්පත කියන විදිහට, පාකිස්තානය මැදිහත් වෙලා කරන මේ සාකච්ඡා හොඳ track එකකට යනවාලු. ඒ ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් කියලා තියෙන්නේ “එක වෙන්න පුළුවන්” කියලා.

ඊයේ (22) ඉවර වෙන්න තිබ්බ සටන් විරාමයත්, පාකිස්තානය ඉල්ලීමකට අනුව ට්‍රම්ප් දිගු කරලා තියෙනවා.

Share This