හෝමුස් පසුකරමින් සිටි නැව් 2ක් ඉරාන නාවික හමුදා භාරයට ගනී

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් භාරයට ගෙන තිබෙනවා කියලා එරට මාධ්‍ය කියනවා.
තස්නිම් පුවත් සේවය අනුව, ජාත්‍යන්තර නීතිවලට අනුකූල නොවන විදිහට ක්‍රියා කරලා කියලා කියමින් ‘MSC Francesca’ සහ ‘Epaminondas’ කියන නෞකා දෙකම මෙලෙස අත්පත් කරගෙන තියෙනවා.

මෙම නෞකා දෙකම කලින් මේම මුහුදු ප්‍රදේශයේදී වෙඩි තැබීම්වලටත් ලක්වුණා කියලාත් වාර්තා වෙනවා.
දැනට ඒ නෞකා ඉරාන වෙරළ පැත්තට ගෙන ගිහින් තියෙනවා කියලා වැඩිදුරටත් සඳහන්.

Share This