අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය දැනුම් දෙනවා.

ඔහු ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (21) නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පවසන පරිදි සැකකරු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටියදී, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් මෙම සිද්ධියට හේතුව වී ඇත.

එහිදී ඔහු සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත, නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.

එමෙන්ම, ඔහු සතුව තිබූ ගිනි අවිය සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරේදී කල් ඉකුත් වී ඇති බවද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබුණා.

Share This