අස්වැසුම වැඩිහිටි දීමනා අද බැංකු ගිණුම්වලට බැර කෙරේ
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ ගෙවීම් අද (22) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත.
පළමු අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මාසයට අදාළව රුපියල් බිලියන 3.087ක් ගෙවීමට නියමිත බව සඳහන් වෙනවා.
එසේම, දෙවන අදියර යටතේ 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් මිලියන 362.625ක් ගෙවීමටද සැලසුම් කර ඇති බවද මෙම ගෙවීම් ක්‍රියාවලිය අද දින තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද එම මණ්ඩලය වැඩි
දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
