ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩුමහලේ පැවති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු වූ බව පොලිසිය පැවසීය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ අපරාධය සිදු කර ඇත. අ
දාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් හයක් පත් කර ඇති බව සඳහන්ය.
මෙම ඝාතනය සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානී ඉම්රාන්ගේ පාර්ශ්වය විසින් සිදු කඇති බව පොලිසිය සැක කරයි.