Ai රොබෝවෙක් සුපිරි මේස පන්දු ක්‍රීඩකයින් පරාජය කරයි
ටෝකියෝ නගරයේ රොබෝ විද්‍යා ක්ෂේත්‍රයේ විශාල අවධානයක් දිනාගත් ඉතිහාසගත සිදුවීමක් වාර්තා වී තිබෙනවා. “S” ලෙස හඳුන්වන AI බලයෙන් ක්‍රියාත්මක වන පිංපොං (මේස පන්දු) රොබෝවක්, ඉහළම මට්ටමේ මිනිස් ක්‍රීඩකයන් පරා
ජය කිරීමට සමත් වී ඇත.
Sony සමාගමේ AI පර්යේෂණ අංශය විසින් සංවර්ධනය කළ මෙම රොබෝව, පැවැති තරඟයේදී තරඟ 5 න් 3 ක් ජයග්‍රහණය කරමින් විශිෂ්ට දක්ෂතා පෙන්වා තිබේ. එහිදී උසස් තත්‍ය කාලීන තීරණ ගැනීමේ හැකියාව, අති වේගවත් ප්‍රතිචාර සහ ඉතා නිවැරදි චලනයන් විශේෂයෙන් කැපී පෙනී ඇත.
විශේෂඥයින් පවසන්නේ මෙය වේගවත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම සැබෑ ලෝක පරිසරයන්හි රොබෝ තාක්ෂණය භාවිතය සඳහා ඉතා වැදගත් පියවරක් බවයි. මෙම ව්‍යාපෘතිය මඟින් AI තාක්ෂණයට මිනිස් ප්‍රතික්‍රියා සහ උපායමාර්ගික සිතීමේ හැකියාවන් දක්වාම සමානව ක්‍රියා කළ හැකි බව පෙන්වා දෙන බවද ඔවුන් සඳහන් කරයි.
පර්යේෂකයන්ගේ අදහස වන්නේ මෙවැනි තාක්ෂණයන් අනාගතයේදී ක්‍රීඩා ක්ෂේත්‍රය, කර්මාන්ත සහ මානව-රොබෝ සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවයි.
