බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් දැන් ඩොලර් 120ත් පැනලා. 2022 ජුනිවලින් පස්සේ වාර්තා වෙච්ච ඉහළම ගාණ මේක කියලයි කියන්නේ.

මේ මිල ඉහළ යන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන වරායන් අවහිර කරන වැඩේ තවත් මාස ගණනක් යන්න පුළුවන් කියලා ඉඟි කරපු එක.

ඒකට අමතරව ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වැහිලා තියෙන එකත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ නිසා මැදපෙරදිග ගැටුම් තවත් උග්‍ර වෙයි කියලා බයක් පවතිනවා.

ලෝක බලවතුන් සහ ඉරානය අතර තියෙන මේ උණුසුම් තත්ත්වය නිසා ලෝක බලශක්ති සැපයුමටත් දැන් ගැටලු මතුවෙලා තියෙනවා.

Share This