රෝවර් බ්‍රදර්ස් කණ්ඩායම මඩ් චැලේන්ජර් 2025 තරගාවලියේ SUV Modified කාණ්ඩය ජය ගනියි

නුවරඑළිය 4×4 සංගමය විසින් සංවිධානය කළ ගෙග්‍රරි 4×4 මඩ් චැලේන්ජර් 2025 තරගාවලිය පසුගිය 20 වැනිදා ඉතා සාර්ථකව අවසන් විය.
කාණ්ඩ හතකර යටතේ පැවැති මෙවර තරගාවලියට තරගකරුවෝ රැසක් සහභාගී වූහ.
මෙවර තරගාවලියේ විශේෂතාවයක් වූයේ, SUV Modified කාණ්ඩය යටතේ රෝවර් බ්‍රදර්ස් (Rover Brothers) නියෝජනය කරමින් තරග කළ ගයාන් ලියනආරච්චි සහ උදිත සසංක අඛණ්ඩව තෙවැනි වරටත් එම කාණ්ඩයේ ශුරතාව හිමිකර ගැනීමයි.
SUV Ladies කාණ්ඩයේ තරගය ශ්‍රීමාලි විජේරත්න සහ අසංක කුලන්තිලක ජයගැනීමට සමත් වූහ.
SUV Standar තරග කාණ්ඩය තරිඳු ජයවර්ධන සහ සමීර වීරසිංහ ද Extreme Event ඉසව්ව K.M.I ඉන්දික සංජය සහ ඉසුරු සුරංග ද ජය ගත්තහ.