රනිල් රටට අගතිගාමී තීන්දු තීරණ ගත්තේ නැහැ..! – දොඩම්පහල රාහුල නාහිමියන් 

රනිල් රටට අගතිගාමී තීන්දු තීරණ ගත්තේ නැහැ..! – දොඩම්පහල රාහුල නාහිමියන් 

මෙරට ජනතාව පහසුවෙන් ජීවත් වෙන්නේ, රට වැටී තිබූ අවස්ථාවක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ හේතුවෙන් බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමින්.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පවත්වා ඇති බව සඳහන්.

සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කර තිබුණා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගීවී සිටීම විශේෂත්වයක්.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද මෙහිදී  පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමේ වැඩසටහනක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී ද අද (24) පෙරවරුවේ පැවැත්වුණු අතර දේශපාලන නායකයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වුණා.

 

Share This