මහනුවර – මහියංගණ මාර්ගය අද වැසේ

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (23) පස්වරු 6.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා නැවත දැනුම්දෙන තුරු එම මාර්ග කොටස වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය 20,21, 22 යන දිනයන්හි රාත්‍රියේ වසා දමා තිබුණා.
පොලිසිය විසින් විකල්ප මාර්ග ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනයවන බර වාහන හසලක පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකියි.
එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහනවලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකි වනවා.