ගජ මිතුරු ආරවුල මරණයකින් කෙළවර

ගජ මිතුරු ආරවුල මරණයකින් කෙළවර

පානදුර – හොරේතුඩුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පපුව ප්‍රදේශයට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මිතුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලීසියට අදාළ මාර්ගයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුරක් සොයාගැනීමට හැකිවී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන්.

ඝාතනය සිදුකළ බව පැවසෙන අනෙක් මිතුරා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Share This