දක්ෂිණ අධිවේගයේ විදේශිකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටේ – රියදුරු මරුට

දක්ෂිණ අධිවේගයේ විදේශිකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටේ –  රියදුරු මරුට

රුසියානු සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුවුවා.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇති බව සඳහන්.

Share This