හන්ටා වෛරසයෙන් මියගිය ගණන ඉහළට – අලුත් ආසාදිතයින් අමෙරිකාවෙන් හා ප්‍රංශයෙන්
“MV Hondius” නෞකාවේ ගිය අමෙරිකානු සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකුටත් මාරාන්තික හන්ටා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙලා තියෙනවා. මේ නෞකාව දැන් කැනරි දූපත් අසල නවතා ඇති අතර, මගීන් 90කට වැ
ඩි පිරිසක් තම රටවල් වෙත යවමින් පවතිනවා.
මේ වෛරසය නිසා ලන්දේසි යුවළක් සහ ජර්මානු කාන්තාවක් මියගොස් ඇති බවත් වාර්තා වෙනවා. අමෙරිකානු ආසාදිතයා නෙබ්රස්කාහි විශේෂ ජෛව ආරක්ෂිත ඒකකයකට රැගෙන ගොස් ඇති අතර, ප්‍රංශයේ හුදෙකලා කර සිටින කාන්තාවකගේ තත්ත්වයත් අයහපත් බවයි සඳහන් වෙන්නේ.
WHO සංවිධානය කියන්නේ මේ වෛරසය දකුණු අමෙරිකාවේදී ආසාදනය වෙන්න ඇති බවයි. “ඇන්ඩීස්” කියන හන්ටා ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාටත් බෝ විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
රෝග ලක්ෂණ ලෙස උණ, අධික තෙහෙට්ටුව, මස්පිඬු වේදනාව, වමනය, පාචනය සහ හුස්ම ගැනීමේ අපහසුව වගේ දේවල් දැක්වෙනවා.
WHO සංවිධානය නෞකාවේ සිටි සියලු දෙනාට දින 42ක නිරෝධායනයක් නිර්දේශ කර ඇති අතර, අමෙරිකානු CDC ආයතනය කියන්නේ මේක කොවිඩ් වගේ ඉක්මනින් පැතිරෙන වෛරසයක් නොවන නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියලයි.
