ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය විනාශ වීමෙන් ගුවන් ගමන් ප්‍රමාදයක්

එලෝන් මස්ක් ට අයත් ස්පේස් එක්ස් හි යෝධ ස්ටාර්ෂිප් රොකට්ටුවේ නවතම පරීක්ෂණය දියත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු රොකට්ටුව විනාශ වී ගොස් තිබෙනවා.
ස්ටාර්ෂිප් රොකට්ටුවේ 7 වන පරීක්ෂණ ගුවන් ගමන මෙයයි.
ඊයේ සවස අමෙරිකාවේ ටෙක්සාස් සිට සිදුකළ මෙම ගුවන්ගත කිරීමෙන් පසු ඇතිවූ ගැටළු නිසා යානයේ ඉහළ කොටස දැවී ගොස් ඇති බව සඳහන්.
එලෝන් මස්ක්ගේ යානය මෙලෙස විනාශ වී ගියේ ඇමසන් අධිපති ජෙෆ් බෙසොස්ගේ බ්ලූ ඔරිජින් නිව් ග්ලෙන් රොකට් යානය තම පළමු අභ්‍යාවකාශගතවීම සාර්ථක කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.
මෙම තාක්ෂණික ප්‍රකෝටිපතියන් දෙදෙනාම අභ්‍යවකාශ වාහන වෙළඳපොලේ ආධිපත්‍යය දැරීමට තරග කරන බව සඳහන්.
ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානයේ විනාශ වූ කොටස් කැරිබියන් දූපතට ඉහළින් කඩා වැටීම නිසා ෆ්ලොරිඩාවේ සමහර වාණිජ ගුවන් ගමන් ප්‍රමාද කිරීමටත් සිදුව තිබෙනවා.
යානය විනාශ වූවත්, SpaceX විසින් Super Heavy බූස්ටරය දියත් කිරීමේ ස්ථානයේ ගොඩබෑම සාර්ථකව සිදු කළ බවයි සමාගම පවසන්නේ.
දියත් කිරීම් සැලසුම් කළ පරිදි සිදු නොවූ විට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සාමාන්‍යයෙන් විමර්ශනය කරන බැවින්, Elon Musk සතු සමාගමට එහි ඊළඟ පරීක්ෂණ ගුවන් ගමනට යම් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති.
කෙසේ වෙතත්, අඟහරු වෙත මිනිසුන් යෙනයාමට ස්පේසෙක්ස් හි ස්ටාර්ෂිප් රොකට්ටු භාවිත කිරීමට සැලසුම් කරන බැවින් මෙම යානය සාර්ථකව අභ්‍යාවකාශගත කිරීම ඔවුනට වඩා වැදගත් වනවා.
2027 දි චන්ද්‍රයා මතුපිටට ගගනගාමීන් ගොඩබෑම සඳහා NASA ආයතනය තෝරාගත් වාහනය වන්නේද ස්ටාර්ෂිප් රොකට්ටුවයි.