තමිල්නාඩුවේ මත්පැන් වෙළඳසැල් 717ක් වසා දැමීමට මහ ඇමති විජේගෙන් නියෝග
තමිල්නාඩු මහ ඇමති C. Joseph Vijay විසින් පාසල්, ආගමික ස්ථාන සහ බස් නැවතුම් අසල පිහිටි TASMAC මත්පැන් අලෙවිසැල් 717ක් සති දෙකක් ඇතුළත වසා දැමීමට නියෝග කර තිබෙනවා.
මෙම මත්පැන් අලෙවිසැල් තමිල්නාඩුව පුරා මීටර් 500ක සීමාවක් ඇතුළත පිහිටා ඇති බවට හඳුනාගෙන තිබෙන අතර, එයින් 276ක් ආගමික ස්ථාන අසලත්, 186ක් අධ්‍යාපන ආයතන අසලත්, 255ක් බස් නැවතුම් අසලත් පවතින බව වාර්තා වෙයි.
රජය පවසන්නේ “මහජන සුබසාධනය” සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි. තවද, වසා දැමෙන ස්ථාන වෙනුවට ඒම ප්‍රදේශවලට නව මත්පැන් අලෙවිසැල් විවෘත නොකිරීමටත් උපදෙස් ලබා දී තිබේ.
TASMAC යනු තමිල්නාඩු රජය සතු මත්පැන් අලෙවි ආයතනයක් වන අතර, එය ප්‍රාන්තයේ මත්පැන් අලෙවිය පාලනය කරයි. මේ වනවිට TASMAC වෙළඳසැල් 4,765ක් ක්‍රියාත්මක වේ.
මෙය මහ ඇමති විජය බලයට පත්වීමෙන් පසු ගත් ප්‍රධාන තීරණවලින් එකක් ලෙස සැලකෙන අතර, “මත්ද්‍රව්‍ය හා මත්පැන් ඇබ්බැහිවීම් රහිත තමිල්නාඩුවක්” ගොඩනැගීම ඔහුගේ ප්රතිපත්තිවල කොටසක් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
