මත්පැන් හා දුම්වැටි මිල ඉහළට
මුදල් අමාත්‍යාංශය විසින් අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදු කර තිබෙනවා.
මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (10) මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබුවා.
සුරාබදුවල සංශෝධනයත් සමඟ දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වනවා.
මේ අනුව මිලි ලීටර් 750 අති විශේෂ මත් පැන් බෝතලයක මිල අවම වශයෙන් රුපියල් 106 කින් වැඩිවන අතර, ඒ් අනුව රුපියල් 1,728කට පැවති මත් පැන් බෝතලයක් රුපියල් 1,830ක් දක්වා මිල වැඩිවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
බීර බෝතලයක මිල රුපියල් 30-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති.
මීට අමතරව අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ ද දමා තිබෙනවා.
කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇති බව සඳහන්.
CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.