TikTok සමාජ මාධ්‍ය වේදිකාවට එරෙහිව ලොකු නඩුවක්: පවුල් හතක් එක්ව නඩුවක් ගොනු කරලා
ප්‍රංශයේ පවුල් හතක් විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන TikTok ට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, මෙම සමාජ මාධ්‍ය වේදිකාව සිය නව යොවුන් වියේ දරුවන්ව හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය කළ බවට චෝදනා කරමින්.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙලෙස චෝදනා කරන්නන්ගේ පවුල්වල යෞවනයන් හත්දෙනෙකු මේ වන විට සියදිවි නසාගෙන ඇති අතර, ඊට හේතුව TikTok හි ඇතැම් හානිකර අන්තර්ගතයන් වන බවයි.
ඒ අනුව අදාළ පවුල්වල පිරිස් පනවා ඇති නඩුවෙන් චෝදනා කර ඇත්තේ සියදිවි නසාගත් යෞවනයන් ස්වයං හානිකර ගැනීමේ අන්තර්ගතයන්, ආහාර ගැනීමේ අක්‍රමිකතා ප්‍රවර්ධනය කරන වීඩියෝවලට TikTok හරහා නැඹුරු වී සිට ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එමෙන්ම යුරෝපයෙන් වාර්තා වූ මෙවන් ආකාරයේ සමූහගත පළමු නඩුව වන බවත් සඳහන්.