සිංහරාජ වනාන්තරයේ ඖෂධ පැල ගැලවු ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට
සිංහරාජ වනාන්තරයේ කලවාන කුඩව පිවිසුම තුළ දේශීය දුර්ලභ ඝනයේ ඖෂධ පෑලෑටි එකතු කර රැගෙන යාම සඳහා සන්තකයේ තබාගෙන සිටි ජපන් ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලවාන අඩවි වන නිළධාරි කාර්යාලය මගින් අදාළ ජපන් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ (21) පස්වරුවේ යි.
සිංහරාජ වනාන්තරය ආශ්‍රීත හෝටලයක දින තුනක් නවාතැන් ගෙන සිට ඇති එම ජපන් ජාතිකයා සිංහරාජය වනාන්තරයේ ඇති දුර්ලභ ඖෂධ පෑලෑටි එකතු කර ඇති බවත්, පසුව ඔහු එම හෝටලයෙන් පිටත්ව යාමට කුඩව බස් නැවතුම්පොළහි සිටියදී ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවත් කලවාන අඩවි වන කාර්යාලය සදහන් කළා.
මෙම පැලෑටි අතර එක් පෑලෑටියක් අති විලයන් නැමති ඖෂධ පෑලෑටි බවට සැක කරන අතර ඉතිරි ඖෂධ පෑලෑටි පරීක්ෂා කිරිම සඳහා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පරීක්ෂණ අංශය සඳහා යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් සැකකාර ජපන් ජාතිකයා කලවාන වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.