ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ තරගවලියේ කාන්තා අංශයේ  ජය ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ තරගවලියේ කාන්තා අංශයේ  ජය ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ තරගවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් කාන්තා  කණ්ඩායම සමත් වුණා.

ඒ, රන් පදක්කම් 05ක්, රිදි පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 09ක් තමන් සතු කරගනිමින්.

රන් පදක්කම් 04ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන අනුශූරතාව දිනාගැනීමටයි ගුවන් හමුදා පිරිමි කණ්ඩායම සමත් වුණේ.

මෙම තරගාවලියේ පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට අහිංස ප්‍රභාෂ්වර විසින්.

මෙම ටයිකොන්ඩෝ තරගවලිය ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය සංවිධාන කරනු ලබන්නේ, ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින්.

එය 13 වැනි වරටත් සංවිධාන කරනු ලැබුවේ, කටුනායක ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩා පරිශ්‍රයේදීයි.

Share This