එක්සත් අරාබිය location off කරගෙන හෝමුස් හරහා තෙල් නැව් යවලා

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එම තෙල් මිලදී ගන්නා පාර්ශ්ව කිහිපයක්, ඉරාන ප්‍රහාර වලින් බේරෙන්න තම නාවික නෞකා වල location trackers (ස්ථාන හඳුනාගැනීමේ පද්ධති) අක්‍රිය කරගෙන, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා කිහිපයක් ගමන් කරවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේක කරලා තියෙන්නේ මැදපෙරදිග ගැටුම නිසා ගල්ෆ් කලාපයේ තිබ්බ තෙල් වෙළඳපොළට නැවත යවන්නයි.

හැබැයි මේ ප්‍රමාණය, යුද්ධයට පෙර UAE සාමාන්‍යයෙන් නිකුත් කරන තෙල් ප්‍රමාණයට වඩා බොහෝ අඩුයි. ඒත් ඒකෙන් පෙන්වන්නේ, තෙල් නිෂ්පාදකයින් සහ මිලදී ගන්නා පාර්ශ්ව මේ අවදානමත් ගන්න සූදානම් බවයි.

මේ අතර වෙනත් ගල්ෆ් රටවල් වැනි ඉරාක්, කුුවේට් සහ කටාර් තම තෙල් විකුණුම් නවත්වලා හෝ අඩු කරලා තියෙනවා, නැත්නම් මිල ගොඩක් අඩු කරලා වාණිජ ගැනුම්කරුවන් ඇදගන්න උත්සාහ කරනවා කියලාත් කියනවා.

Share This