හඳුනා නොගත් මත්ද්‍රව්‍යක් එංගලන්ත ජාතිකයා විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

කොකේන්, හෑෂ් සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමඟ, වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි 73 හැවිරිදි එංගලන්ත ජාතිකයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (06) සිදු කළ මෙහෙයුමකදී, උනවටුන, දැලවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරලා තියෙනවා.

පොලීසිය කියන්නේ, එම පුද්ගලයා සතුව කොකේන් ග්‍රෑම් 280කට අධික ප්‍රමාණයක්, හෑෂ් ග්‍රෑම් 10ක්, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සහ විවිධ විදෙස් මුදල් තිබුණා කියලා. ඒ වගේම ඔහු සතුව වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් හෝ මෙරට රැඳී සිටීමට අවසර දෙන වීසා එකක්වත් තිබිලා නැහැ කියලාත් හෙළිවෙලා තියෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Share This